Sunday, November 19, 2017

නිවාස ක්ෂේත්‍රයේ පවත්නා ගැටළු හා අභියෝග රාශියකි. ඒ අතරින් විශේෂයෙන් අවධානය යොමුකළ යුතු වු මුලික ගැටළු හා අභියෝග පහත දැක්වේ.
  • පැහැදිළි හා නිශ්චිත උපාය මාර්ගික ප්‍රවේශයක් මත පදනම් වු නිවාස ප්‍රතිපත්තියක් නොමැතිකම.
  • නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය බිම් මට්ටමේ ආර්ථික සංවර්ධනය උත්තේජනය කරන්නක් හැටියට ඉලක්ක නොවීම.
  • යුධ ගැටුම් වැනි හේතුන් මත අවතැන් වුවන් සඳහා ඉදිකෙරෙන නිවාස හා ස්වාභාවික විපත් වලට ඔරොත්තු දෙන නිවාස ඉදිකිරීම මෙන්ම අවධානම් ලිහිල් කෙරෙන වෙළඳ පොල පදනම් කරගත් මෙවලම් කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම.
  • ආර්ථික හා සාමාජීය සංවර්ධනයේ මුලික සාධකයක් වු නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම.
  • මූල්‍ය ආයතන වල නිවාස සඳහා අරමුදල් සීමාවීම, සම්ප්‍රදායික ඇප සුරැකුම් හා ඉහළ පොලී අනුපාත මෙන්ම නිවාස මූල්‍ය පහසුකම් ඉහළ මධ්‍යම පාංතිකයන් ඉලක්ක කිරීම.
  • නිවාස ණය සැපයුම ප්‍රමාණාත්මකව රාජ්‍ය හා පෞද්ගලික මුල්‍ය ආයතනවල ප්‍රථිඵලදායකත්වය මැනීමේ නිර්නායකයක් ලෙස භාවිතා නොවීම.
  • දේපළ වෙළඳපල තුල පවත්නා ව්‍යුහාත්මක අකාර්යක්ෂමතා.
  • ඉඩම් මිල, සැපයුම, පරිහරණය හා අයිතිය තහවුරු කිරීමේ නීතිමය, පරිපාලනමය හා සංස්කෘතිකමය ගැටළු.
  • ජාතික භෞතික ප්‍රතිපත්තියක් නොමැතිකම මෙන්ම සැලසුම්සහගත භූමි පරිභෝජනය සහ කළමනාකරණය මත පදනම් වු දිර්ඝ කාලීනව පවත්වාගත හැකි ජනාවාසකරණයක අවශ්‍යතාව සමාජය තුල අවධාරණය නොවීම.
  • සමාජ හා භෞතික යටිතල පහසුකම් ආශ්‍රිත ගැටළු.
  • පුහුණු ශිල්පීන්ගේ හිඟය හා ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ අඩු පාඩුකම්.
  • අඩු වියදම් තාක්ෂණය, ශිල්පීය ක්‍රම,පුහුණුව, තත්ව පාලනය මෙන්ම පර්යේෂණ කෙරෙහි පවතින අඩු අවධානය හා ජාතික ඉදිකිරීම් ප්‍රතිපත්තියක අවශ්‍යතාවය.
  • නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ආයෝජකයන් හා දේපළ සංවර්ධකයන්ට ඉදිකිරිම් කාර්යන්හිදී බලපාන මුල්‍ය සහ පාලන නීති ආශ්‍රිත ගැටළු.
  • සහාධිපත්‍ය දේපළ සැලසුම්කරණය,කළමනාකරණය හා නඩත්තු ගැටළු.
  • දැරිය හැකි මිලකට ලබාගත හැකි කුලි නිවාස සැපයුම ප්‍රමාණවත් නොවීම.
  • රාජ්‍ය සේවකයින් ඇතුළු වැඩකරන ජනතාව මුහුණපාන නිවාස හා නේවාසික ගැටළු පිළිබඳ අවධානය අඩුවීම.
  • නිවාස සැලසුම් හා සංවර්ධන ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතන අතර සහ රාජ්‍ය පෞද්ගලික ආයතන අතර ඒකාබද්ධ ප්‍රවේශයක අඩු නැඹුරුව.
  • අඩු ආදායම්ලාභීන් සඳහා වූ නිවාස සංවර්ධනයේදී ප්‍රජා සහභාගීත්ව ක්‍රමවේද, කුසලතා වර්ධනය, බලගැන්වීම වැනි ප්‍රවේශයන් පිළිබඳව පවතින අඩු අවධානය.
  • ප්‍රජාව, ප්‍රජා සංවිධාන, හා විවිධ වූ සහයකයින්ගේ සහභාගීත්වය වැඩිදියුණුවන විධිමත් ක්‍රමවේදවල අවශ්‍යතාව අවධාරණය නොවීම.
  • නිවාසකරණයේ දී ප්‍රජා මුලික, ජනාවාස හිතවාදී, පරෝපකාරිත්වය හා වෙළඳ පොල බලගැන්වීම වැනි ආකල්ප පිළිබඳ අවශ්‍යතාව අවධාරණය නොවීම.

No comments:

Post a Comment